
A A The National Red List 2020 - 2020 ජාතික රතු දත්ත පොත
Description :
ශ්‍රී ලංකාව තුල වාර්තාවී ඇති දේශීය ශාක විශේෂයන් වල ජාතික සංරක්ෂණ තත්ත්වය (National Conservation Status) දක්වා ඇති ජාතික ලේඛනය වන අතර පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය සහ උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ ඒකාබද්ධ ප්‍රකාශනයකි.

A B Digital Checklist - Native Orchid Species
Description :
ශ්‍රී ලංකාවේ දැකිය හැකි උඩවැඩියා විශේෂ පිලිබඳ සැකසූ අංකිත නාම ලයිස්තුවකි. ලංකාවේ ස්වභාවිකව දැකිය හැකි උඩවැඩියා ගන, විශේෂ, ඒවායේ සංරක්ෂණ තත්ත්වය, ආවේනිකතාවය, භාවිත සිංහල නම් සහ Flora of Ceylon අත්පොත් කාන්ඩයට අදාල පරිශීලන පිටු අංකය ආදිය ඇතුලත් වේ. 2022.08.29 දින දක්වා මෙම වෙබ් අඩවියට ඇතුලත් කර ඇති උඩවැඩියා විශේෂ සහ ඡායාරූප සංඛ්‍යාවද මෙම නාම ලයිස්තුව මගින් පහසුවෙන් දැක ගත හැකිය.

A B Digital Data base for Flowering plant species found in Sri Lanka
Description :
1998 දී මා (Flower Sri Lanka) විසින් සැකසීම ආරම්භ කරන ලද, මේ දක්වා අඛන්ඩව යාවත් කාලීන කරනු ලබන, ශ්‍රී ලංකාවේ දැකිය හැකි මල් පිපෙන ශාක පිලිබඳව සැකසූ MS-Excel පැතුරුම්පත් (spreadsheet) ආකාරයේ දත්ත සමුදායකි. මේ වන විට ලංකාවේ පවතින වඩාත්ම යාවත්කාලීන සහ වැඩිම ශාක විශේෂ සංඛ්‍යාවක් ඇතුලත් ශාක නාම ලයිස්තුව වීමට ද බොහෝදුරට ඉඩ ඇත. අදාල සබැඳියෙන් බාගත (download) කරගත හැකි නිසා එසේ සිදුකර පහසුවෙන් තමන්ට අවශ්‍ය පරිදි සකසාගැනීම සිදුකල හැකිය. මෙවැනි වෙනස්වන සුලු දත්ත විශාල සංඛ්‍යාවක් ඇතුලත් දත්ත සමුදායක සෑම දත්තයක්ම 100% ක් නිවැරදිව පවත්වා ගැනීම ඉතා අසීරු කාර්යයක් නිසා මෙහි ඇතුලත් දත්ත වල සුලු වැරදීම් සිදුව තිබිය හැකිය. ඔබ මෙම දත්ත සමුදාය භාවිත කිරීමේදී එවැනි වැරදීම් හමුවුවහොත් ඒ පිලිබඳව අප දැනුවත් කරන මෙන් ද ඉල්ලා සිටිමි. කිසියම් අධ්‍යයන/ වාර්තා සැකසීම ආදී කාර්යයක් සඳහා එම දත්ත භාවිත කරනු ලබන්නේ නම් එ්වා අදාල මුලාශ්‍ර වෙත පිවිස නැවතත් තහවුරු කර ගැනීම වඩාත් යෝග්‍ය වනු ඇත. එසේම මෙම දත්ත සමුදාය වරින් වර යාවත්කාලීන සිදුකරනු ලබන බැවින් සෑම විටම වඩාත් යාවත්කාලීන කල ගොනුව (File) භාවිත කරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි. මෙහි නෙදර්ලන්ත ජාතික ආචාර්ය ජෙකොබ් ඩි ව්ලාස් මහතා විසින් සකසන ලද වෙලුම් තුනකින් සමන්විත Illustrated Field Guide to the Flowers of Sri Lanka නමැති ක්ෂේත්‍ර අත්පොත් තුන සහ වෙලුම් 14 කින් සමන්විත Revised Hand Book to the flora of Sri Lanka නමැති අත්පොත් කාන්ඩය සඳහා අදාල පරිශීලන පිටු දක්වා ඇති බැවින් පහසුවෙන් එම පොත් පරිශීලනයට ද අවස්ථාව සැලසේ.

A Catalogue of the indigenous and exotic plants growing in Ceylon
Description :
එවකට පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ ප්‍රධානියා ලෙස කටයුතු කල ඇලෙක්සැන්ඩර් මූන් මහතා විසින් 1824 දී ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ දැකිය හැකි දේශීය සහ විදේශීය ශාක ලයිස්තු ඇතුලත් ග්‍රන්ථයකි. ඒ කාලයේ පැවති ශාක වර්ගීකරණයන්ට අනුව ශාක ලයිස්තු සකසා ඇති අතර ඉංග්‍රීසි භාෂාවට අමතරව සිංහල භාෂාවෙන්ද ශාක නාම සඳහන් කර පැවතීම මෙහි පවතින විශේෂ ලක්ෂනයකි.

A Field Guide to the common Trees and Shrubs of Sri Lanka
Description :
ශ්‍රී ලංකාවේ ගස් සහ පඳුරු හඳුනාගැනීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් සය දෙනෙකුගේ දායකත්වයෙන් සකසන ලද ක්ෂේත්‍ර අත්පොතකි. ශාක කුල වලට අනුව පෙලගස්වා ඇති අතර ශාක වල රේඛා චිත්‍ර සටහන් ඇතුලත් කර ඇත. මෙම ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයක් ද එලි දක්වා ඇත (මුද්‍රිත මාධ්‍ය යෙන් පමණි)

A Hand-book to the Flora of Ceylon - Part III
Description :
ශ්‍රී ලංකාවේ ඇති ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා එවකට පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ ප්‍රධානියා වූ ඉංග්‍රීසි ජාතික හෙන්රි ට්‍රයිමන් මහතා විසින් සකසන ලද කොටස් 6 කින් සමන්විත අත්පොත් කාන්ඩයේ තෙවන කොටස. 1895 දී මුද්‍රනය කර ඇත.

A Hand-book to the Flora of Ceylon - Part iv
Description :
ශ්‍රී ලංකාවේ ඇති ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා එවකට පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ ප්‍රධානියා වූ ඉංග්‍රීසි ජාතික හෙන්රි ට්‍රයිමන් මහතා විසින් සකසන ලද කොටස් 6 කින් සමන්විත අත්පොත් කාන්ඩයේ හතරවන කොටස. 1898 දී මුද්‍රනය කර ඇත.

A Hand-book to the Flora of Ceylon - Part v
Description :
ශ්‍රී ලංකාවේ ඇති ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා එවකට පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ ප්‍රධානියා වූ ඉංග්‍රීසි ජාතික හෙන්රි ට්‍රයිමන් මහතා විසින් සකසන ලද කොටස් 6 කින් සමන්විත අත්පොත් කාන්ඩයේ පස්වන කොටස. 1900 වසරේ දී මුද්‍රනය කර ඇත.

A Hand-book to the Flora of Ceylon - Part vi
Description :
ශ්‍රී ලංකාවේ ඇති ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා එවකට පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ ප්‍රධානියා වූ ඉංග්‍රීසි ජාතික හෙන්රි ට්‍රයිමන් මහතා විසින් සකසන ලද කොටස් 6 කින් සමන්විත අත්පොත් කාන්ඩයේ හයවන කොටස. 1931 දී මුද්‍රනය කර ඇත.

A Handbook to the Flora of Ceylon - Part 1
Description :
ශ්‍රී ලංකාවේ ඇති ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා එවකට පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ ප්‍රධානියා වූ ඉංග්‍රීසි ජාතික හෙන්රි ට්‍රයිමන් මහතා විසින් සකසන ලද කොටස් 6 කින් සමන්විත අත්පොත් කාන්ඩයේ පලමු කොටස. 1893 දී මුද්‍රනය කර ඇත.