Botanical Name / Punica granatum L.

Genus: Punica
Group: 1 Angiosperms (Flowering Plants) - I - Dicotyledons Family: Lythraceae Genus: Punica
Common sinhala name
Delum - දෙලුම්
Habit
පඳුරක් හෝ කුඩා ගසක්
Origin
විදේශීය
Conservation status
නැත
Legal status
නැත
Similar species
All vernacular names
Punica granatum L.
Featured image
Punica granatum L.
Contributors for Images
FlowerSL (ID-PMR), Ruwani Perera (ID-RP), Sanjeewa Rupasinghe (ID-SR)- IDA 100%
Punica granatum L.

බටහිර ආසියානු සහ නැගෙනහිර යුරෝපියානු රටවල් නිජබිම කරගත් දෙලුම් ශාකය ලොව වඩාත් ජනප්‍රිය පලතුරක් ලෙසද සැලකේ. ඒ නිසාම දැන් ලෝකයේ රටවල් රාෂියක වගා කරනු ලබයි. මීටර් 1-5 දක්වා විශාලව වර්ධනය වන මෙම ශාකය පඳුරක් හෝ කුඩා ගසක් ලෙස සැලකිය හැකිය. සාමාන්‍යයෙන් හොඳින් අතු සහිතව වැඩෙන දෙලුම් ශාකයේ කුඩා පත්‍ර සමග කටු ද පවතී. පත්‍ර වින්‍යාසය සම්මුඛ වන අතර අතු අගිසි වල වැඩි වශයෙන් පත්‍ර ගොනුවී ඇති ස්වභාවයක් දැකිය හැකිය. මිලිමීටර් 10-90 x 6-30 විශාලත්වයක් සහිත පත්‍ර ලංසාකාර ස්වභාවයක් ගනී. පත්‍ර මතුපිට දිලිසෙන ස්වභාවයක් පවතී. පුෂ්ප වෘන්ත රහිතය. රතු පැහැතිය. තනිව හෝ කිහිපයක් වශයෙන් අතු අගිසි වල හට ගනී. වසර පුරාම මල් හට ගනී. විශේෂිත කාලයක් නොමැත.ඵලය ගොලාකාර හැඩයක් ගනී. විශ්කම්භය සෙන්ටිමීටර් 5-12 පමණ වේ. කහ-කොල පැහැතිය. ඉදුන විට රතු පැහැයට හැරේ. බීජ බොහෝ සංඛ්‍යාවක් සහිතය. බීජ මිලිමීටර් 8-10 විශාලත්වයක් ගනී. බීජය වටා ගනකම් මාංශලමය බීජාවරණයක් පවතී. එම බීජවරනය රෝස, රතු හෝ කහ පාටට හුරු සුදු පැහැයක් ගනී. මිහිරි රසයකින් යුක්තය. ඵලාවරණය හමක ස්වභාවයක් ගනී. ඵලය ඉහල වටිනාකමකින් යුත් පලතුරකි. පත්‍ර සහ ඵලයන් වල ඖෂධීය භාවිතයන් පවතී.

No related sites added.



FLORA AND FAUNA SL (GUARANTEE) LTD. 93/A/18
2nd Lane, Bandaranayakepura, Idigolla, Gampaha.

(033) 222 8823,

071 914 3228

floraofsrilankapmr@gmail.com