Botanical Name / Mesua ferrea L.

Genus: Mesua
Group: 1 Angiosperms (Flowering Plants) - I - Dicotyledons Family: Calophyllaceae Genus: Mesua
Common sinhala name
Na - නා
Habit
විශාල ගසක්
Origin
දේශීය ශාක විශේෂයක්
Conservation status
LC - අඩු අවදානම්
Legal status
නැත
Similar species
දිය නා, සුවඳ, Mesua pulchella, Mesua stylosa , Mesua thwaitesii
All vernacular names
Mesua ferrea L.
Featured image
Mesua ferrea L.
Contributors for Images
FlowerSL (ID-PMR)- IDA 100%
Mesua ferrea L.

දේශීය ශාක විශේෂයකි. ලංකාවේ මෙන්ම ඉන්දියානු උප මහද්වීපයේ සිට ඉන්දු-චීන කලාපය, බටහිර සහ මධ්‍යම මැලේසියානු කලාපය දක්වා ස්වභාවික ව්‍යාප්තියක් පෙන්වයි. තෙත් සහ අතරමැදි සහ කලාතුරකින් වියලි කලාප වල, මුහුදු මට්ටමේ සිට මීටර් 1000 ක පමණ දක්වා උන්නතාංශයක් තුල ස්වභාවික පවතින අතර මීටර් 30-35 ක් දක්වා උසකට වර්ධනය වන වෘක්ෂයකි. විශාල ගස් වල මීටර් 2 ක් පමණ උසක් දක්වා කයිරු මුල්ද පැවතිය හැකිය. පොත්ත අලු පැහැයේ සිට තද දුඹුරු පැහැයක් දක්වා වෙනස් වේ. හොඳින් වැඩුන ගස් වල පොත්තේ විශාල කොටස් ගැලවී වැටිම සිදුවේ. අතු පහලට එල්ලෙන ස්වභාවයක් සහිත වන අතර සාපේක්ෂව වැඩි අතු/පත්‍ර ගනත්වයක් සහිත කිරුලක් සාදයි. පත්‍ර 1x5- 5x18 cm විශාලත්වයක් දරන අතර ලන්සාකාර හැඩැතිය. උඩු පෘෂ්ඨය තද කොලපැහැති අතර යටි පෘෂ්ඨය සුදු පැහැතිය. සම්මුඛ පත්‍ර වින්‍යාසයක් දරයි. දලු අලංකාර රතු පැහැයක් දරන අතර සාහිත්‍ය කරුවන් ස්ත්‍රීන්ගේ දෙතොල් වල පැහැයට සමාන කර ඇත. සුදු පැහැ දල පත්‍ර හතරකින් සහ කහ පැහැති රේනු විශාල සංඛ්‍යාවකින් යුත් තරමක් විශාල (විශ්කම්භය 4-10 cm) සහ සුගන්ධවත් ද්විලිංගික පුෂ්පයන් හට ගනී. පුෂ්ප හට ගැනීම සිදුවන්නේ අතුවල අග්‍රස්ථය ආසන්නයේ තනිව පවතින පරිදි හෝ පත්‍ර දෙපසින් පුෂ්ප දෙකක් වන පරිදි වේ. පරාගනය වූ පුෂ්පයන්ගෙන් කොල පැහැති තරමක් ගෝලාකාර, අග්‍රයේ තුඩක් සහිත ඵලයක් හට ගනී. එක් ඵලයක දුඹුරු පැහැති, තරමක් තද ආවරණයක් සහිත බීජ 2-4 අතර හටගනී. ඵලාවරණය පැලී වෙන්වීමෙන් පසු බීජ පරිසරයට නිදහස් වේ. බීජ ප්‍රරෝහනය කෙටි කාලයක් තුලදී සිදුවන අතර ජීව්‍යතාවය පවතින්නේ කෙටි කාලයකි. දැව ඉතා දැඩි සහ ඉහල ඝනත්වයක් සහිතය. මෙහි ඉංග්‍රීසි නාමය වන Iron wood යන නම ලැබීමටද එම දැවයේ පවතින දැඩි බව හේතුවී ඇත. දැව ඉදිකිරීම් සඳහා යෝග්‍ය වන නමුත් පවතින ඇතැම් සංස්කෘතික කරුණු මත විහාර, දේවාල වැනි ආගමික ස්ථාන සඳහා පමණක් යොදා ගැනීමේ සම්ප්‍රදායක් පැවතී ඇත. ශාකයේ භාහිර ස්වරූපය, වර්ණවත් දලු, විශාල සුදු පැහැ මල් රාෂියක් හට ගැනීම, පහසු නඩත්තුව ආදිය නිසා උද්‍යාන, මාර්ග අලංකරණය සඳහා භාවිත කරනු ලබයි. ඖෂධීය ශාකයක් ලෙස නම් කර ඇත. මල් පූජා කටයුතු සඳහාත්, පත්‍ර විවිධ ආගමික කටයුතු (පිරිත් මන්ඩප ඇතුලේ එල්ලීම වැනි) සඳහාත් භාවිත කරනු ලබයි. 1986 පෙබරවාරි 26 දින රජය මගින් ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ලංකාවේ මෙන්ම ඉන්දියානු උප මහද්වීපයේ සිට ඉන්දු-චීන කලාපය, බටහිර සහ මධ්‍යම මැලේසියානු කලාපය දක්වා ස්වභාවික ව්‍යාප්තියක් පෙන්වයි.

Mesua nagassarium

A revised handbook to the Flora of Ceylon Vol -1 සිරිලක ශාක පිලිබඳ රූපිත අත්පොත, පලමු වෙලුම



FLORA AND FAUNA SL (GUARANTEE) LTD. 93/A/18
2nd Lane, Bandaranayakepura, Idigolla, Gampaha.

(033) 222 8823,

071 914 3228

floraofsrilankapmr@gmail.com