මෙම ශාකය ස්වභාවිකව බිහිවූ එකක් නොව අභිජනනය මගින් මිනිසා විසින් බිහිකරන ලද ශාකයක් ලෙස සැලකේ. ඒනිසා ස්වභාවික ව්‍යාප්තියක් නොමැති අතර ඝර්ම කලාපීය රටවල් රැසක වගා කරනු ලබයි. ස්වභාවයෙන් පඳුරක් හෝ කුඩා ගසකි. කටු සහිතය. සරල පත්‍රයක් සහිත වන අතර එය ඕවලාකාර හැඩයක් ගනී. පත්‍ර දාරය රැලි සහිතය. සුදු පැහැති පුෂ්ප පෙති පහකින් සමන්විත වේ. ඵලය ද ඕවලාකාර වේ. බොහෝ විට අග කෙලවරේ කුඩුම්බියක් සහිතය. ලා කහ පැහැයේ සිට තද කහ පැහැය දක්වා ඵලයේ වර්ණ වෙනස් වේ. ගෙඩි වල යුෂ ඇඹුල් රසැතිය. ආහාර රසකාරයක් ලෙස, බීම පිලියෙල කිරීම සඳහා සහ විවිධ ඹෟෂධ සැකසීම සඳහා භාවිත කරනු ලබයි.
No related sites added.