Botanical Name / Madhuca longifolia (J.Koenig ex L.) J.F.Macbr.

Genus: Madhuca
Group: 1 Angiosperms (Flowering Plants) - I - Dicotyledons Family: Sapotaceae Genus: Madhuca
Common sinhala name
Mee, මී
Habit
Large tree, විශාල ගසක්
Origin
Native, දේශීය
Conservation status
LC- Least Concern , වඳවීයාමේ අඩු අවදානම්
Legal status
Not protected - වන සත්ත්ව සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ රක්ෂිත ශාක විශේෂයක් නොවේ.
Similar species
All vernacular names
ගම් මී, තෙල් මී
Madhuca longifolia (J.Koenig ex L.) J.F.Macbr.
Featured image
Madhuca longifolia (J.Koenig ex L.) J.F.Macbr.
Contributors for Images
Sanjeewa Rupasinghe (ID-SR), Aruna Yasapalitha (ID-AY), Nadith Sankalpa (ID-NS) - IDA - 100%
Madhuca longifolia (J.Koenig ex L.) J.F.Macbr.

දේශීය ශාක විශේෂයකි. ලංකාවේ මෙන්ම ඉන්දියානු උප මහද්වීපයේ (ඉන්දියා, බංගලිදේශය, නේපාලය) ස්වභාවික ව්‍යාප්තියක් පෙන්වයි. ශ්‍රී ලංකාව තුල වියලි කලාපයේ සුලභව දැකගත හැකිය. මුහුදු මට්ටමේ සිට මීටර් 1200 දක්වා උන්නතාංශයක් තුල ව්‍යාප්තව ඇත. පැතිරුණු විශාල කිරුලක් දරයි. මීටර් 28 ක පමණ උසක් දක්වා වර්ධනය වන විශාල ගසකි. පත්‍ර සිහින් දිගටිය.ලපටි පත්‍ර රත් පැහැතිය. පත්‍ර මෝරන විට තද කොල පැහැය ගනී. අතු අගිස්සේ පත්‍ර ගනව ඇසිරී ඇත. පොත්ත ගනකම්ය, රලුය. අඳුරු කහ පැහැති අලු හෝ අලු පැහැයක් ගනී. විශාල කයිරු මුල් සහිතය. ලා කහ පැහැති මල් මාංශලය. ඵලය සෙන්ටිමීටර් 3 ක් පමණ දිගු අන්ඩාකාර හැඩයේ එකකි. අරටුව ශක්තිමත් බැවින් උසස් තත්වයේ දැව සපයනු ලබන ශාකයකි. දැවය ජලයට ඔරොත්තු දේ. දේශීය වෛද්‍ය කටයුතු සඳහා ශාකයේ විවිධ කොටස් භාවිත කරනු ලබයි. බීජ වලින් සාදන තෙල් ආහාර පිසීම සඳහා සහ පහන් දැල්වීම සඳහා භාවිත කරයි. මල් ඇතැම් ප්‍රදේශ වල හැලප වැනි කැවිලි සෑදීම සඳහා භාවිත කරයි. වියලි මෙන්ම තෙත් කලාපයේ ද මාර්ග දෙපස සිටුවීම සඳහා ද භාවිත කරනු ලබයි.



FLORA AND FAUNA SL (GUARANTEE) LTD. 93/A/18
2nd Lane, Bandaranayakepura, Idigolla, Gampaha.

(033) 222 8823,

071 914 3228

floraofsrilankapmr@gmail.com